පාන් ලොරියේ යකඩ දොර ගැලවී ඇඟට වැටී සිසුවා ජිවිතක්ෂයට

සිය බාල සොහොයුරා සමග සයිකල් පදිමින් සිටී 13 හැව්රිදි පිරිමි දරුවෙකුගේ ශරීරයට පාන් ලොරියක යකඩ දොරක් ගැලවී පතිතවීමෙන් එම දරුවා අද (25) මියගොස් ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව , හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචි 8 වන ශ්‍රේණීයේ ඉගෙනුම ලබන 13 හැව්රිදි දරුවෙකු බව පොලිසිය පවසයි.

ඔහු සිය බාල සොහොයුරා සමග බයිසයිකල් පදිමින් වාද්දුව රතු ගේට්ටුව දෙස සිට හබරලගහලන්ද දෙසට ගමන් කරමින් සිටියදී , ඉදිරියෙන් පැමිණි පාන් ලොරියේ පැති යකඩ දොර ගැලවී දරුවාගේ පපුවේ වැදී දරුවා විසිවී බිම ඇදවැටී දොර ශරීරය මත පතිතව ඇතැයි පොලිසිය පවසයි.

බරපතළ තුවාල ලබා සිටී දැරුවා පානදුර මූලික රෝහලට ඇතුලත් කර දැඩ් සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් මියගොස් තිබේ.

ලොරි රථ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත

Leave a Reply