පාන් පිටි මිල ඉදිරි සතියේ රුපියල් 200කින් අඩුවෙයි

පාන් පිටි කිලෝවක මිල ඉදිරි සතියේ දී රුපියල් 250 දක්වා අඩු කිරීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (03) පැවසීය.

සමගි ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

පාන් පිටි කන්ටේනර සියයක් පමණ කොළඹ වරායට පැමිණ ඇති බවත් ඒවා ගොඩබෑම මේ වන විට ආරම්භ වී ඇති බවත් ඇමතිවරයා කියා සිටියේය.

පාන්පිටි සම්බ පිටි සම්බන්ධයෙන් අද විශාල ගැටළුවක් පවතින බව තමා පිළිගන්නේ යැයි පැවසූ ඇමැතිවරයා ප්‍රශ්නය ඇති වුනේ පාන් පිටි නිෂ්පාදනය කරන මෙරට ප්‍රධාන සමාගම් දෙකට ඩොලර් නොමැතිකම හේතුවෙන් තිරිඟු ඇට ප්‍රමාණවත් පරිදි ගෙන්වා ගැනීමට නොහැකි වීම නිසා බවද ප්‍රකාශ කළේය.

ඉන්පසු ඉන්දියාවෙන් තිරිඟු පිටි අපනයනය තහනම් කරනු බවත් ගෙන්වීමේ ප්‍රමාදය නිසා පාන් පිටි මිල ඉහල ගිය බවත් ඇමැතිවරයා පැවැසීය. පැකට් කළ පාන්පිටි මිල රුපියල් 450 දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රශ්නය යොමු කරමින් අදහස් දැක්වූ රෝහන බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

දිනමිණ

Leave a Reply