පානදුර මුහුදේ ගිලෙන්නට ගිය 04 දෙනෙකුගේ දිවි පොලිස් ජීවිතාරක්ෂකයින් බේරාගනි

පානදුර මුහුදු වෙරළේ දිය නාමින් සිටි එකම පවුලේ හතර දෙනකු දිය වැලකට හසුව ගසා ගෙන යමින් සිටියදී දිවි බේරා ගැනීමට පානදුර කොට්ඨාසයේ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් ඊයේ (25) සවස සමත්ව තිබේ

මෙලෙස දිවි බේරා බේරාගෙන ඇත්තේ කළුතර උතුර ගල්පාත දියගම ප්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවළක් සහ ඔවුන්ගේ සහෝදරයා සහ සහෝදරිය බව පොලිසිය පවසයි.

මෙම සිව් දෙනා අද සවස හතරයි තිහට පමණ පානදුර මුහුදු වෙරළේ දියනාමින් සිටියදී දිය වැලකට හසුව මිටර් 50ක් පමණ දුරකට ඇදී යන අයුරු දුටු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී ඔවුන් සිව් දෙනා වෙරළ තීරයට රැගෙන ඒමට කටයුතු කර ඇත.

එම සිව්දෙනාට මූලික ප්‍රතිකාර ලබාදී 1990 සුව සැරිය ගිලන් රථයෙන් පානදුර මූලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

Leave a Reply