පානදුර මඟුලක ජරමරයක් 06 රෝහලට 10 අත් අඩංගුවට

පානදුර සංචාරක හෝටලයක අද (16) පැවතී විවාහ මංගල උත්සවයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් 06 දෙනකු රෝහල්ගතකර 10 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි හිරණ පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූ හෝටල් සේවකයන් පස්දෙනකු සහ මල් සැරසිලි සඳහා පැමිණි පුද්ගලයකු මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මනාලයාගේ පාර්ශවයෙන් පැමිණි මහනුවර සහ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පොලිසිය පවසයි.

පිරිසක් මත්පැන් පානය කොට හෝටල් කළමනාකාරීත්වය සමග ඇතිවූ කතා බහක් දුර දිග යාමෙන් පිරිස කලහකාරී ලෙස හැසිරී හෝටලයට ද අලාභානි සිදු කර පහරදීම සිදුකර ඇතැයි පොලිසිය පවසයි

Leave a Reply