පළාත් පාලන ඡන්දය පැවැත්වුවත් ඇල්පිටියට ඡන්දයක් නෑ

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල කාලය මේ වනවිට අවසන් නොවි ඇති බැවින් ඒ සදහා මෙවර මෙම පළාත් පාලන ආයතනය සදහා ජන්ද විමසිමේ නාම යෝජනා කැඳවා නොමැත

යම් හෙයකින් මැතිවරණය පැවැත්වුවහොත් මෙවර ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ජන්ද දායකයින් සංඛ්‍යාව 9,90,486 ක් වුවද මෙම ජන්දයේ දි ජන්ද පාවිචිචි කිරිමට ඉඩ ඇත්තේ ජන්ද දායකයින් 8,84,028 ට පමණි

ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට මැතිවරණයක් නොමැති නිසා එහි ලියපදිංචි වි ඇති 55,128 දෙනෙකුට ජන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇත.

2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණය සඳහා ඇල්පිටිය ප්‍රාදේශිය සභාව වෙනුවෙන් දේශපාලන පක්ෂ 5කින් නාම යෝජනා ඉදිරිපත් කර තිබින.එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, පොදුජන පෙරමුණ, ප්‍රජාතන්තුවාදි එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ යන දේශපාලන පක්ෂ නාම යෝජනා බාර දෙනු ලැබු අතර ප්‍රජාත්නත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත්‍රය පක්ෂය විසින් නම් කරන ලද නියොජිතයා හැර වෙනත් පුද්ගලයෙකු විසින් තේරිම් භාර නිලධාරියා වෙත බාර දිම නිසා ඉදිරිපත්වු  විරොධතාවයක් සළකා බැලිමෙන් පසුව එම නාම යොජ්නා පත්‍රය පතික්ෂේප කරන ලදි.

පසුව එම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරමින් තම නාම යෝජනා පත්‍රය පිලිගන්නා ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසත් එතෙක් මැතිවරණය පැවැත්විම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

පෙත්සම සළකා බැලු ශ්‍රේෂඨාධිකරණය එම නඩුව අසා අවසන් වනතුරු ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ඡන්ද විමසිම පැවැත්විම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් 2018 ජනවාරි 30 වන දින නිකුත් කලේය. ඒ අනුව 2018 පෙබරවාරි 10 වන දින පැවති පළාත් පාලන මැතිවරණයේදි ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීම නොපැවැත්වින

පසුව 2019 අගෝස්තු 30 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගය ඉවත් කරමින් ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ මැතිවරණය පවත්වන ලෙසට මැතිවරණ කොමිසමට නියෝග කරන ලදී. ඒ අනුව ඔක්තෝබර් මස 11 වන දින එම මැතිවරණය පවත්වන ලදි.

Leave a Reply