පහළ වායුගෝලයේ කැළඹීමක් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

බස්නාහිර,දකුණ, වයඹ, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එහි සදහන්ය.

බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවත් ඇතැම් ස්ථානවලට මි.මී.75 වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතින බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය.

Leave a Reply