පහර දිමකින් තුවාල ලබා රෝහල් ගත වූ තරුණයා රෝහලේදී ඝාතනය කරලා

පහර දීමක් හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයකුට රෝහලට ඇතුළු වූ අයකු එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් ඝාතනය කර   ඇතැයි අනුරාධපුර පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැදවච්චිය පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකි.

මැදවච්චිය දී සිදු වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව සිව් දෙනකු එක්ව මෙම පුද්ගලයාට පොලුවලින් පහර දීම හේතුවෙන් බරපතළ තුවාල එම තරුණයා රෝහල් ගත කර තිබූ බව පොලීසිය පවසයි.

පසුව අනුරාධපුර රෝහලේ පිහිටි මහාචාර්ය ඒකකයේ පිරිමි ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස තියුණු ආයුද ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලීසිය පවසයි.

සැකකරු පලා ගොස් ඇති අතර අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply