පස් කන්දක් කඩා වැටී සූරියකන්ද – දෙනියාය මාර්ගයේ ගමනාගමනය නවතී

පසුගිය දින කිහිපය තුල ඇදහැලුන මහවැසි හේතුවෙන් රත්නපුර මාදම්පේ හන්දිය හරහා ගාල්ල දක්වා දිවෙන A17 මාර්ගයේ කිලෝමීටර් 100 සහ 101 අතර නෑදොළ, කීනතැන්න ප්‍රදේශයේ දී මාර්ගයට පස් කන්දක් කඩා වැටී විශාල ගලක් පෙරළීමෙන් අද (02) සිට ගමනාගමනය ඇණහිට ඇති බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

සූරියකන්ද සහ දෙනියාය අතර කොටසේ දී මෙම පස් කන්ද සමග ගල් පෙරලිම සිදුව තිබේ

මේ නිසා එම ස්ථානයෙන් වාහන ගමන් කළ නොහැකි තත්ත්වයට පත්ව තිබේ.

මේ දිනවල කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ද වරින්වර මහවැසි ඇදහැලමින් පවති.

Leave a Reply