පරිගණක මෘදුකාංගයක් යොදා කෝටි ගණනින් මුදල් වංචා කළ චීන යුවලක් රිමාන්ඩ්

ස්පෝට්ස්චේන් නමින් පරිගණක මෘදුකාංගයක් හඳුන්වාදීම හා එම මෘදුකාංගයට සම්බන්ධ කරගන්නා ලද පුද්ගලයන්ගේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද චීන ජාතිකයන් දෙදෙනකු 21 වැනි දින තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඊයේ (13) නියෝග කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම චීන ජාතික කාන්තාව හා පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙම සැකකරුවන් පෙරේදා (12) රාත්‍රී මැලේසියාව බලා පිටත්ව යාම සදහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ රැදී සිටියදී අත්අඩංගුවට ගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ්‍යට දැනුම් දි තිබේ.

ඒ අනුව, මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ 05 ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි චීන ජාතික වයස අවුරුදු 35ක පිරිමි අයකු සහ 25 කාන්තාවකි

Leave a Reply