නොරොච්චෝල බලාගාර සේවකයෙකු මුහුදට වැටී අතුරුදහන්

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ  ගල්අඟුරු ප්‍රවාහනය කරන ජැටියේ සේවය කළ  කනිෂ්ඨ කාර්ය සහායකයකු මුහුදට වැටී අතුරුදහන්ව ඇතැයි නොරොච්චෝල පොලිසිය පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ නෞකාවල සිට බලාගාරය දක්වා ගල් අඟුරු ප්‍රවාහනය කරන ජැටියේ සේවය කරන පල්ලම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි

අතුරුදහන් වූ පුද්ගලයා සොයා මෙහෙයෙුමක් ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝලේ පොලිසිය පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply