නෙළුව දී අතුරුදහන් දරුවාගේ මළ සිරුර හමුවෙයි

නෙළුව පාමංකඩ ප්‍රදේශයේ ඊයේ (15) දහවල් සිට අතුරුදහන්ව සිටි කුඩා දරුවාගේ මළ සිරුර නිවස අසල දොළක තිබි අද (16) පෙරවරුවේ සොයාගත් බව නෙළුව පොලිසිය පවසයි.

නෙළුව පාමංකඩ ප්‍රදේශයේ මෙම කුඩා දරුවා අතුරුදහන්ව ඇති බවට දරුවාගේ පියා විසින් ඊයේ (15) සවස පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම දරුවා පියා සමඟ සීයාගේ නිවසට ඊයේ දහවල් පැමිණ ඇති බවත් එසේ පැමිණ සිටියදී මෙලෙස අතුරුදන්ව තිබේ.

අතුරුදහන් දරුවා සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සෝදයි මෙහෙයුමක් ආරම්භ කරනු ලැබිය.

සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

නෙළුව දී කුඩා දරුවෙකු අතුරුදහන්

Leave a Reply