නෙළුවට පැමිණි වන අලියාගේ ජිවිතය අනතුරේ ?

සිංහරාජ වනාන්තරය අවට ගම්මාන කිහිපයක සැරිසරන අලියා නෙළුව නගරය ආශ්‍රිත කොස්මුල්ල ගම්මානයට ඉකුත් (13) රාත්‍රී පැමිණීමෙන් පසු අලියා පළවා හැරීමට වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් මෙහෙයුමක් ආරම්භ කලත් සමහර ප්‍රදේශවාසීන්ගේ ක්‍රියා හේතුවෙන් එයට බාධා එල්ල වී ඇතැයි වනජීවි අංශ පවසයි.

මේ වන විට බටුවංගල, හප්පිටිය අතරෙ ජනපදය හා ගුලන රක්ෂිත කොටසේ අලියා සිටින බවත් ගිං ගඟෙන් එහා මායිමේ ලංකගම වාරුකන්දෙණිය ප්‍රදේශයෙන් සිංහරාජ වනයට ආපසු යැවිමට වනජීවී අංශ වර්ෂාව මධ්‍යයේ උත්සාහ කරමින් සිටින අතරතුර ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එය නැරඹීමට පැමිණෙන බවත්, සමහර අය රතිඤ්ඤා දැල්වීම හේතුවෙන් අලියා බියට පත්වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම වන අලියා ආරක්ෂිතව සිංහරාජ වනයට යැවීම සඳහා ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ලබා දෙන ලෙස වනජීවී අංශ ඉල්ලා තිබෙන බව වාර්තාවේ.

සිංහරාජ අලියා නෙළුවට ඇවිල්ලා

One thought on “නෙළුවට පැමිණි වන අලියාගේ ජිවිතය අනතුරේ ?

Leave a Reply