නෙළුම් කුළුණ ගැන චීන තානාපති කාර්යාලයෙන් දැනුම් දිමක්

හෙට (15) මෙහෙයුම් කටයුතු ආරම්භ වීමට නියමිත නෙළුම් කුළුණ නැරඹීම සඳහා වන ප්‍රවේශ පත්‍රය වෙනුවට, ව්‍යාජ ප්‍රවේශ පත්‍රයක් සමාජයේ සංසරණය වන බව චීන තානාපති කාර්යාලය ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අදාල ප්‍රවේශ පත්‍රය ව්‍යාජ එකක් බවත්, එය සමාජ මාධ්‍යයේ බෙදා ගැනීමට පෙර එය සත්‍යාපනය කර ගන්නා ලෙස චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටි

කෙසේ නමුත් නෙලුම් කුලුණ සම්බන්ධයෙන් නොමිලේ කරන ලද ප්‍රචාරණය ගැන ස්තුතිවන්ත වන බව චීන තානාපති කාර්යාලය පවසයි.

හෙට සිට කුලුනට ගොස්, ටිකට් පතක් මිල දී ගෙන ඔබේ ම දෑසින් එය විඳ ගන්නැයි ද චීන තානාපති කාර්යාලය එම ට්විටර් පණිවිඩය මගින් පවසයි.

හෙට සිට කෙලුම් කුලුණේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඕනෑ ම අයෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන මෙම අත්දැකීම විඳ ගත හැකි අතර ඒ සඳහා වන ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500ක් සහ රුපියල් 2000ක් වන අතර විදේශිකයෙකු විසින් එක්සත් ජනපද ඩොලර් 20ක ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතුයි.

Leave a Reply