නුවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතියක්

සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා නුවරඑළියේ නගරයේ කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය අධ්‍යන කටයුතු සිදුකරමින් සිටින බව එහි සභාපති සම්පත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා සඳහන් කළේ

මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ විනෝදාස්වාදය වැඩිදියුණු කිරීමට එම ව්‍යාපෘතිය හඳුන්වා දෙන බව සභාපතිවරයා පැවසීය.

මේ සඳහා නව වැඩසටහන් රැසක් හඳුන්වාදීමට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

ඊට අමතරව ලෝකයේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් මෙරටට රැගෙනවිත් රාත්‍රී කාලයට සංචාරකයින්ගේ විනෝදාස්වාදය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසීය.

Leave a Reply