නිවස පෙනී පෙනී පියා සහ දියණිය අවසන් ගමන් යයි

පස්යාල ගිරිඋල්ල මාර්ගයේ සිදුවු මාරක රිය අනතුරකින් පියෙකු සහ දියණිය මියගොස් ඇතැයි පල්ලෙවෙල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කල්එලිය පදිංචිව සිටි 54 හැවිරිදි පියා සහ මහතා සහ මීරිගම බණ්ඩාරනායක මහ විදුහලේ ඉගෙනුම ලබන 14 හැවිරිදි දැරියකි.

උපකාරක පන්තියකට සහභාගි වූ දියණිය බසයෙන් බැස ඒ ආසන්නයේ වූ නිවස කරා පියා විසින් කැඳවා ගෙන යමින් සිටියදී පිටු පසින් පැමිණි මෝටර් රථයක් ඔවුන් දෙදෙනා හප්පා නොනවත්වා පලා යද්දී කල්එලිය නගරයේ දී පොලිසිය විසින් මෝටර් රථය හා එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පියා සහ දියණිය මෙලෙස අනතුරට පත්ව ඇත්තේ නිවස ආසන්නයේ බවද පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply