නිවසට ඇතුළුවි බියවද්දා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවගේ දේපල කොල්ල කාලා

බ්‍රිතාන්‍ය ජාතික 60 හැවිරිදි කාන්තාවක් පදිංචිව සිටින හඳනාගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට අද (04) කඩා වැදුනු නාඳුනන පුද්ගලයන් දෙදෙනකු බියවද්දා රුපියල් 16 ලක්ෂයක දේපොළ පැහැරගෙන ගොස් ඇති බව රත්ගම පොලිසිය පවසයි.

මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව වසර 15ක කාලයක් තිස්සේ සිට මෙරට පදිංචිව සිටින තැනැත්තියක් බව පොලිසිය පවසයි.

පැහැරගෙන ගිය දේපොළවල මුළු වටිනාකම1,603,400බව ඇය රත්ගම පොලිසියට පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බවත් ඇය පැළඳ සිටි දියමන්ති ඇල්ලූ කරාබු ජෝඩුව සහ දියමන්ති පෙන්ඩනය කඩාගෙන රුපියල් 3,400මුදලක් මෙලෙස පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට රත්ගම පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply