නිවසක සිටි මවක් සහ දියණියක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

බදුල්ල ගැනල්පීන් වතුයායේ නිවසක ජීවත්වු මවක හා දියණියක නාදුනන පිරිසක් පැමිණ නිදි යහනේ සිටියදි තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

නිවසේ පදිංචිව සිටි 80 හැවිරිදි මව හා 55 හැවිරිදි දියණිය නිදි මහනේ සිටියදීම කපා කොටා ඝාතනය කර තිබෙන අතර නිවසේ සිටි තවත් 60 හැවිරිදි කාන්තාවක් කැපුම් තුවාල හේතුවෙන් බරපතල තුවාල ලබා සිටියදී බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙන බව පොලිසිය පවසයි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බදුල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ..

Leave a Reply