නිවසක් බිඳ ආහාර සොරකම් කරලා

පොලිස් විශේෂ කාර්යංශයට අනුයුක්තව  ‍සේවය කරන පොලිස් සැරයන්වරයෙකුගේ  නිවසට ඇතුලුවු සොරුන් එහි කාමරයක තිබු සහල්, පරිප්පු, සිනි,බිස්කට් ඇතුලු ආහාර ද්‍රව්‍ය ඊයේ (13) දහවල් සොරකම් කරගෙන ගොස් ඇතැයි ගෝනාපිනුවල පොලිසිය පවසයි.

නිවැසියන් නිවසින් පිටතට ගොස් සිටි අවස්ථාවේ ජනේලයක් කඩා ඇතුලුවි ආහාර ද්‍රව්‍ය සොරකම් කර එම ආහාර තිබු කාමරයටද ගිනි තබා ඇති බවත් පොලිසිය පවසයි. ගින්නෙන් එම කාමරයේ තිබු භාණ්ඩ වලට හානි සිදුව ඇත.

සැකකරුවන් අත් අඩංගුවට ගැනිම සඳහා  ගෝනාපිනුවල පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ. 

Leave a Reply