නිවසකට පැන පුද්ගලයෙකු ඝාතනය කර දේපල කොල්ලකාලා

මුලතිව්, සිලාවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක් තුළදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙන බව පොලිසිය පවසයි.

ඊයේ (28) අලුයම් කාලයේ එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 65 හැවිදිරි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

ඔහු සිය නිවසේ තම බිරිඳ හා ඥාති පුද්ගලයෙකු ද සමග පදිංචිව සිට ඇති අතර ඔවුන් නිදා සිටියදී, අලුයම් කාලයේ පුද්ගලයින් කිහිපදෙනෙකු නිවසට ඇතුළු වී නිවැසියන්ට පහර දී, නිවසේ තිබූ පවුම් 12 ක පමණ රන් භාණ්ඩ හා රුපියල් පනස්දහසක මුදල් කොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය කළ විමර්ශනවලදී හෙළි වී තිබේ.  

සැකකරුවන් කළ පහරදීම හේතුවෙන් මෙම පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මුලතිව් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

Leave a Reply