නිවසකට ඇතුලු වී බෙල්ලට පිහිය තබා කාන්තාවකට ලිංගික අපරාධයක් කරලා

කුරුපනාව ප්‍රදේශයේ නිවසකට ඇතුලුවු පුද්ගලයෙකු නිවසේ සිටි 64 හැවිරිදි මහලු කාන්තාවගේ බෙල්ලට පිහියක් තබා ඇයට ලිංගික අපරාධයක් සිදු කොට කරාබු යුගලද කොල්ලකා පලාගොස් ඇතැයි නාගොඩ පොලිසිය පවසයි.

අලුයම් කාලයේ නිවසේ උඩු මහලේ ජනේලයකින් ඇතුලුවු කොල්ලකරු පහත මාලයේ ඇය නිදන කාමරයට පැමිණ නිදා සිටි ඇයගේ බෙල්ලට පිහියක් තබා මෙම අපරාධය සිදු කොට කරාබු යුගලද කොල්ලකා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

සැකකරු හඳුනාගෙන ඇති අතර සැකකරු අත් අඩංගුවට ගැනිම සඳහා නාගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික ඩයස් මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ

Leave a Reply