නෑනාට අතවර කල මස්සිනා රිමාන්ඩ්

තම බිරියගේ රැකවරණය යටතේ සිටි බිරියගේ නැගණිය අතවරයට ලක් කළ පුද්ගලයකු පෙරේදා (30) අත් අඩංගුවට ගත් බව මීගහවත්ත පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ බියගම නිදහස් වෙළෙඳ කලාපයේ ආයතනයක සේවකයකු වන 38 හැවිරිදි සැකකරුවෙකි

සිය රැකියාව නිම කර නිවෙසට පැමිණි අවස්ථාවේ කාමරයක සිටි සිය බිරියගේ නැගණිය මෙසේ ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව අනාවරණය වි තිබේ.

සැකකරු සිය බිරිය සමඟ පදිංචිව සිට ඇත්තේ දෙල්ගොඩ, කඳුබොඩ ප්‍රදේශයේ කුලී නිවෙසකය. බිරියගේ මව තම බාල දියණිය ඉකුත් ජනවාරි 05 වැනිදා ⁣මෙම නිවෙසට ඇරලවා ඇත්තේ තමන් පිළිකා රෝගියකු ළඟ නතරවී එම රෝගියාට සත්කාර කිරීමට අවශ්‍ය බව පවසමින් තම බාල දියණිය හොඳින් බලා ගන්නා ලෙස වැඩිමල් දියණියට පවසා මව එම නිවෙසින් පිටව ගොස් ඇත.

අපයෝජන සිද්ධියෙන් පසුදා නැගණිය මේ සිද්ධිය ඇගේ අක්කාට පවසා පසුව ගලේවෙල ප්‍රදේශයේ පදිංචි සිය පියාටද දන්වා තිබේ. පසුව දැරිය තම පියා සමඟ ගොස්  ගලේවෙල පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර ඇත. ඒ අනුව ගලේවෙල පොලිසිය විසින් මේ බව මීගහවත්ත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට දැනුම්දීමෙන් පසු කදුඳුබොඩ නිවෙසේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පොලිසියට පවසා ඇත්තේ රාත්‍රි වැඩ ඇරී පැමිණි තමුන් තම බිරිය යැයි රැවටී බිරියගේ නැගණිය සමඟ මෙසේ හැසිරුණු බවයි. පැමිණිලි කාර තරුණිය වෛද්‍ය පරීක්‍ෂණය සඳහා දඹුල්ල රෝහලට යොමු කර ඇත

සැකකරු පෙරේදා (30) මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත

Leave a Reply