නවීකරණය කරන ලද ගාල්ල නගර ශාලාව ජනතා අයිතියට

රුපියල් මිලියන 30ක වියදමින් නවීකරණය කරන ලද ගාල්ල නගර ශාලාව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) සවස ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

දකුනු පළාතේ තිබෙන හොඳම ශාලාව මෙය වන අතර මෙම ගොඩනැගිල්ලට 1953 දි එවකට අගමැතිව සිටි ඩඩ්ලි සේනානායක මහතා විසින් මුල්ගල් තබන ලද අතර එය විවෘත කර ඇත්තේ 1956 දි අගමැති බණ්ඩාරනායක මහතා විසිනි.

මෙම ශාලා ගොඩනැගිල්ලම අලුත් වැඩියා කිරිමට මධ්‍යම ඉංජිනේරු කාර්යංශය සමග 2017 ජනවාරි මාසයේදි ගිවිසුම් අත්සන් කර ඇති අතර එහෙත් වසර දෙකක් යනතුරු කිසිදු අලුත් වැඩියාවක් නොකරන ලදි. මේ නිසා නගර සභාවට විශාල ආදායමක් අහිමිවු අතර ජනතාවද විශාල අපහසුවට පත්ව සිටියහ.

මේ සම්බන්ධයෙන් දිගින් දිගටම මාධ්‍ය මගින්ද කරුණු අනාවරණය කිරිමෙන් පසු වර්තමාන නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා නගර ශාලාව අලුත් වැඩියා කිරිමට පියවර ගත්තේය.

ඒ අනුව දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතාගේ මැදිහත්විම මත ලබාදුන් රුපියල් මිලියන තිහක වියදමින් අලුත් වැඩියා කටයුතු ආරම් කරනු ලැබිය. ශ්‍රි ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය විසින් අලුත්වැඩියා කටයුතු සිදු කළේය

Leave a Reply