නවසීලන්ත අගමැතිනියට තනතුර එපා වෙයි

2017 වසරේදී නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ලෙස වයස අවුරුදු 37 දී තේරී පත් වූ ලොව ලාබාලතම රාජ්‍ය නායිකාවද වූ නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩර්න් මහත්මිය ලබන පෙබරවාරි 7 වනදා පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය

කම්කරු පක්ෂය සඳහා නව නායකයකු තෝරා පත් කර ගැනීම සඳහා නුදුරේදී ඡන්ද විමසීමක් පවත්වන බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩර්න් මහත්මිය ප්‍රකාශ කර තිබේ.

තමන් නවසීලන්ත අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ වසර හය ඉතාමත් අභියෝගාත්මක කාලයක් වූ බවත් තමන් නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරඟ වැදීමට බලාපොරොත්තු නොවන බවත් අර්ඩර්න් මහත්මිය පෙන්වා දී තිබේ.

Leave a Reply