නයිජීරියාවේ ලාසා වෛරස ආසාදිතයින් පිරිසක් හමුවෙයි

නයිජීරියාවෙන් ලාසා වෛරසය ආසදනය වු ආසාදිතයින් 105 දෙනකු හමුවී ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට අමතරව තවත් ආසාදිතයන් යැයි සැක කරන 369 දෙනකු ගැන එරට සෞඛ්‍ය බලධාරීන් විමසිල්ලෙන් පසුවන බව ද එම වාර්තා සදහන් කළේය.

පසුගිය ජනවාරි මස 2 වැනිදා සහ 15 වැනිදා අතර, කාලය තුළ මෙම ආසාදිතයන් හමුවී තිබේ. නයිජිරියාවේ ප්‍රාන්ත 10ක එය ව්‍යාප්තව ඇතැයි සෞඛ්‍ය අංශ අනුමාන කරයි.

මෙම වෛරසය රදනකයින්ගෙන් බෝ වන වෛරසයක්. ශාරීරික තරලයන් හරහා පමණක් මෙම වෛරසය සෘජුව මිනිසුන් අතර පැතිරෙන අතර මේ හේතුවෙන් නිසා බටහිර අප්‍රිකාවේ වාර්ෂිකව මරණ 5000ක් පමණ වාර්තා වේ. ඉන් වැඩි ප්‍රමාණයක් ලයිබීරියාව හා සියාරා ලියොන් යන රටවලින් වාර්තාවේ.

රෝගය වැළඳීමෙන් පසු මුලින් උණ, දුර්වල බව, හිසරදය, වමනය, උගුරේ වේදනාව, පපුවේ තද බව, පාචනය, කැස්ස, සහ බරපතල තත්ත්වයන්හි දී මුහුණ ඉදිමීම, උරස් කුහරයේ දියර එකතුවීම, මුඛයෙන්, නාසයෙන්, යෝනියෙන්, හෝ ගුදයෙන් රුධිර වහනය දක්නට හැකි අතර රෝගය පරදවන්නන්ගෙන් 13%ක් සදාකාලික බිහිරිබවට පත්වන බව සෞඛ්‍ය අංශ පවසයි.

Leave a Reply