නඩුවකට ඇවිත් අවසන් ගමන් යයි

වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් සදහා පෙනී සිටීමට පැමිණි පුද්ගලයෙක් අද (14) අධිකරණය ආසන්නයේ පිහිටි ආපන ශාලාවක් අසල හදිසියේ මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ මාවතුර ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ නගරයේ හදිසි මරණ පරීක්ෂකවරයා විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදු කර මෘත දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා වැලිමඩ මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

වැලිමඩ පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Leave a Reply