දෙහිවලදී ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනකු බිහිකළ ව්‍යාඝ්‍ර මව මියයයි

දරුණු පිළිකා රෝගයෙන් පිඩා විදිමින් සිටි බෙංගාල ව්‍යාඝ්‍රයෙකු දෙහිවල සත්ව උද්‍යානයේදී මියගොස් ඇති බව එම උද්‍යානය පවසයි.

මෙම කොටි මව මිය යන විට වයස අවුරුදු 15 පමණ වන බවද සත්වෝද්‍යානය පවසයි.

මෙම බෙංගාල ව්‍යාඝ්‍ර කොටි මව ඉකුත් මාර්තු 05 වෙනිදා අකිරා, ඩුමා සහ ලියෝ යන නම් වලින් හැඳින්වෙන ව්‍යාඝ්‍ර පැටවූ තිදෙනා බිහි කරනු ලැබු බවද සත්වෝද්‍යානය පවසයි

චීන සත්වෝද්‍යානයේ සිට 2009 වසරේදී දෙහිවල සත්වෝද්‍යානයට ගෙන ආ ව්‍යාඝ්‍ර ධේනුව මෙලෙස මිය ගොස් තිබේ. ව්‍යාඝ්‍ර මවගේ මරණය සම්බන්ධයෙන් පස්චාත් මරණ පරීක්ෂණ කටයුතු සහ අනෙකුත් පරීක්ෂණ පශු වෛද්‍යවරුන් විසින් සිදු කිරීමට නියමිතයි.

Leave a Reply