දුම්රිය මැදිරියේ වැකි ලියා හානිකල විදේශිකයන් සොයා පරික්ෂණ

විදේශිකයින් හතර දෙනෙකු පැමිණ ගාල්ල දුම්රිය අංගනයේ කෙළවරක අලුත් වැඩියා කිරිම සඳහා ගාල්කර තිබු දුම්රිය මැදිරිවල මැකිය නොහැකි තින්ත වර්ගයකින් විවිධ වැකි ලියා හානිකර ඇති බවට ගාල්ල දුම්රිය ස්ථානයේ ආරක්ෂක නිලධාරින් විසින් ඊයේ (06) ගාල්ල පොලිසියට පැමිණිලි කර තිබේ

බන්ධනාගාරය පැත්තේ වසාතිබු ගේට්ටුවකින් ඇතුලුවි මෙසේ දුම්රිය මැදිවලට හානිකරන බවට ලැබුන තොරතුරක් අනුව ආරක්ෂක නිලධාරින් එම ස්ථානයට යනවිට විදේශිය පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු පලාග‍ොස් ඇත..

ආරක්ෂක කැමරා පද්ධති සහ දුම්රිය ආරක්ෂක නිලධාරින් විසින් ගෙන ඇති ඡායාරුපද පරික්ෂාකර බලා සිද්ධියට සම්බන්ධ සැකකාර විදේශිකයින් හඳුනාගෙන අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව පොලිසිය පැවසිය.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

9 thoughts on “දුම්රිය මැදිරියේ වැකි ලියා හානිකල විදේශිකයන් සොයා පරික්ෂණ

  1. අවුරුදු ගනක් අලුත් වැඩියා කරන ලද දුම්රියක් ….
    වැකි ලියනවා කියන්නේ විනඩියකින් දෙකකින් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි අඩුම තරමේ පැයක් දෙකක් යනවා එතකම් දුම්රිය ආරක්ෂක නිලධාරීන් මොකද කරේ… බලගෙන හෙට අනිද්දා දුම්රිය ප්‍රවේශපත් අලවි කර මුදල් නැති වෙන්නත් පුලුවන්

  2. වැඩේ නියමයි! අමුතු කලාත්මක බවක් තියෙනවා. උන් සැට් එක හොයල තැන්ක්ස් කරන්න

  3. ලංකාවට ආර්ථික ගායනය කල හොරු අල්ලන්න කොන්දක් නැති බල්ලෝ මලකඩ කාපු පෙට්ටිවල ඇදපු අය හොයන්න දාලා…

  4. තොපිට වෙළඳ දැන්වීම් ගහන්න හොඳයි…..මේකෙ ඇති වරද මොකක්ද..මේකත් කලාත්මක බවක් තියෙනවා.. ..අනික් මේ තරම් දුරට අඳිනකම් ආරක්ෂක අංශ වල තිබෙන දුර්වලතා කැපී පේනවා..

  5. Mama inne Switzerland, me rata wala thina lassana kalawak thamai Oya thinne!!! Ape raté unta eka kethata penunata? Oya wage dewal hoyanne Ungen ganak ka daganna misak wena dekata newei,, kalakanni ballo inne wediyen lankawe… mata nam eka patta kalawak ❤️

  6. ලස්සනම ලස්සනයි මම කියන්නෙ කලාත්මක ලෙස කරන ලද වැකියක් පව් අහිංසක මිනිසුන් උන්ගෙන් ගානක් කඩාගන්න බැරි වුණ නිසා තමයි පැමිණිලි කරන්න ඇත්තෙ නැත්නම් මේ තරම් ලියනකම් බලන් හිටියද අනික ආරක්ෂක නිලධාරීන් ගෙ වැඩ තහනම් කරන්න ඕන සේවය කරල නෑනෙ මේක ලියල හැඩ දාල ලස්සනටම කරන කම් බලන් හිටියද ඒක නෙවෙයි උනේ අරක තමා වැඩේ අනික ඇඩ් ලියන්නෙ දෙපාර්තමේන්තුවේ අයම පෙට්ටිවල එයාලටත් නඩු දාන්න ඕන පොදු දේපල වලට හානි කරනවට

  7. ලස්සනම ලස්සනයි මම කියන්නෙ කලාත්මක ලෙස කරන ලද වැකියක් පව් අහිංසක මිනිසුන් උන්ගෙන් ගානක් කඩාගන්න බැරි වුණ නිසා තමයි පැමිණිලි කරන්න ඇත්තෙ නැත්නම් මේ තරම් ලියනකම් බුදියන් හිටයද අනික ආරක්ෂක නිලධාරීන් ගෙ වැඩ තහනම් කරන්න ඕන සේවය කරල නෑනෙ මේක ලියල හැඩ දාල ලස්සනටම කරන කම් බුදිද ඒක නෙවෙයි උනේ අරක තමා වැඩේ අනික උන් ඇඩ් ලියන්නෙ පෙට්ටි වල ඒව හොදද පිස්සො

  8. Those guys added some value to a wasted crap. Now only these idiots say it was to be repaired for their survival
    මේක නොවුනනං ඔය මගුල් තව අවුරුදු ගානක් ගිත් දිර දිර තියෙයි

Leave a Reply