දුම්රිය මාර්ගයේ ගමන් කල අයෙකු දුම්රියක ගැටී මරුට

හබරාදුව දුම්රිය හරස් මාර්ගය අසලදී මාතර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබු සීඝ්‍රගාමී දුම්රියේ ගැටී පුද්ගලයෙකු අද (26) දහවල් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි හබරාදුව කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

දුම්රිය මාර්ගයේ පාගමනින් ගමන්කරමින් සිටි මෙම පුද්ගලයා දුම්රියේ ගැටීමෙන් පත්ව එම ස්ථානයේදීම මියගොස් ඇත.

හදිසි මරණ පරීක්ෂණ කටයුතු වලින් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘත දේහය කරාපිටිය රෝහලට රැගෙන යාමට නියමිතව තිබිණ.

හබරාදුව පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply