දුම්රිය මගින්ගේ ෆොන් හොරකම් කල අයෙකු අල්ලයි

රාගම දුම්රිය ස්ථානයේ දුම්රිය මගීන්ගේ ජංගම දුරකථන සොරකම්කළ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ 36 හැවිරිදි රාගම, දඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවෙකි.

රාගම දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන්ගේ ජංගම දුරකථන සොරාගන්නා බවට පොලිසියට ලද පැමිණිල්ලකට අනුවයි විමර්ශන සිදුකර අත් අඩංගුවට ගත් සැකකරු සතුව තිබී ජංගම දුරකථන 10ක් ද සොයාගෙන තිබේ.

මොහු සොරාගන්නා ලද ජංගම දුරකථන පසුව මාලිගාවත්ත ප්‍රදේශයේ වෙළඳසැල්වලට රැගෙනගොස් අලෙවිකර ඇති බව අනාවරණය වි තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply