දුම්රියක ගැටී වන අලින් දෙදෙනෙකු මරුට – දුම්රියත් පිලී පනී

ගල්ඔය සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතරදී ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ වන අලි දෙදෙනෙකු ගැටීම හේතුවෙන් ඊයේ (08) රාත්‍රියේ එම දුම්රිය පීලි පැන තිබේ

මෙම අනතුරින් වන අලි දෙදෙනා මියගොස් ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.

ඒ හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ, දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන අතර කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරන දුම්රිය, කැකිරාව දක්වා සීමාකර ඇත.

දුම්රිය යළී පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.

Leave a Reply