දුප්පත් ජනතාවට උදවු කිරිමට පැමිණි විදේශීකයෙකුගේ මුදල් වංචාකල කාන්තාවක් රිමාන්ඩ්

විදේශිකයෙකුගේ නමට ඉඩමක් මිලදි ගත් බවට ව්‍යාජ ඔප්පුවක් සකසා එම විදේශිකයාගෙන් රුපියල් ලක්ෂ 25ක් වංචා කරන ලද කාන්තාවක් 27 වන දින දක්වා රිමාන්ඩ් කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කලේය..
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අහංගම පදිංචි කාන්තාවකි.
මෙහි පැමිණිලිකාර නෙදර්ලන්ත ජාතිකයා  වසර පහළොවක් තිස්සේ ලංකාවට පැමිණෙන අයෙක් වන අතර පසුව ඔහු ලංකාවේ දුප්පත් ජනතාවට උදව් කිරිම සඳහා රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ඇත. 
සැකකාරියද එම සංවිධානයේ කටයුතු කර ඇත. එසේ ටික කලක් කටයුතු කරමින් සිටියදි ඇය එම සංවිධානයේ ගිණුම් කටයුතු කිරිම සඳහා පත්කර ඇත.
මේ අතර විදේශිකයා තම රටට ගොස් සිටියදි ඔහුට දුරකතනයෙන් කතාකල සැකකාරිය අක්කර හතක් විශාල ඉඩමක් තිස් අවුරුදු බදු පදනම යටතේ  ගැනිමට තිබෙන බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ විසි පහක් අවශ්‍ය බවත් පවසා තිබේ. ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ විසි පහක් සැකකාරියට එවා ඇත.
සැකකාරිය ඉඩම තමාගේ නමට ලියවා ගෙන එය පැමිණිලි කරුගේ නමට ලියු බවට ව්‍යාජ ඔප්පුවක් සකස්කර ඔහුට වයස නිසා පසු අයිතිය ඔහුගේ දුවගේ නමට ලියු බවත් සඳහන් කර එහි පිටපත් නෙදර්ලන්තයට යවා අත්සන් කර එවන ලෙස දන්වා ඇත. මෙයින් මහත් සතුටටපත් ඔහු ඒවා අත්සන් කොට නැවත සැකකාරියට එවා ඇත.
මේ අතර ටික දිනකට පසු ලංකාවට පැමිණ ඔහු ගාල්ල දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයට ගොස් පරික්ෂා කිරිමේදි ඉඩම ලබාගෙන ඇත්තේ තමාගේ නමට නොව සැකකාරියගේ නමට බව අනාවරණය කරගැනිමෙන් පසු කූඨ ලේඛන සකසා රුපියල් විසි පන් ලක්ෂයක් වංචාකල බවට සැකකාරියට එරෙහිව පොලිසියට පැමිණිලිකර ඇත.

Leave a Reply