දික්වැල්ල වෙඩි තැබීමක්

දික්වැල්ල, වලස්ගල දෙමටපිටිය හංදිය ප්‍රදේශයේ දී අද (28) රාත්‍රියේ නාඳුනන දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.⁣

වෙඩි වැදී තුවාල ලැබු පුද්ගලයා දික්වැල්ල රෝහලට ඇතුලත්කර වැඩිදුර ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලට ඇතුලත්කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ වලස්ගල දෙමටපිටිය පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි

තුවාලකරු නිවසට යමින් සිටියදි නාඳුනන දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පලාගොස් තිබෙන බව අනාවරණය වි තිබේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර දික්වැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply