දැරිය පැහැරගෙන ලිංගික අපරාධ කල තරුණයෙකු රිමාන්ඩ්

අනුරාධපුර පූජා නගරය ආසන්නයේ පාසලක 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාලවයස්කාර 13 හැවිරිදි පාසල් දැරියක් දූෂණයට ලක් කළ 19 හැවිරිදි පුද්ගලයකු ඊයේ (02) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර තන්නායම්කුලම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පුද්ගලයෙකි.

තම මව දැනුවත් කර නිවෙස ආසන්නයේ නැන්දාගේ නිවසට යන අතරවාරයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු බලහත්කාරයෙන් යතුරු පැදියට නංවා ගෙන පාළු නිවසකට රැගෙන ගොස් දූෂණයට ලක් කළ බව දැරියගේ ප්‍රකාශ වල සටහන් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සැකකරු හා පැමිණිලිකාර දැරියගේ පරස්පර ප්‍රකාශ සම්බන්ධයෙන්ද වෙනම විමර්ශන සිදු කරන බව පොලීසිය සඳහන් කරයි

මෙම දැරිය මේ වනවිටත් අනුරාධපුර රෝහලේ තවමත් ප්‍රතිකාර ලබන බවට පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මාර්තු මස 14 වනදා දක්වා සැකකරුව බන්ධනාගාරගත කර ඇත

Leave a Reply