දණ ගසාගෙන අභිරහස් ලෙස මියගිය වන අලියෙකුගේ සිරුරක් හමුවෙයි

සැක කටයුතු ලෙස මියගිය වන අලියෙකුගේ සිරුරක් අනුරාධපුර මොරගොඩ – කරඳකවැව ප්‍රදේශයේ තිබී මොරගොඩ වනජීවී බීට්ටු කාර්යාලය විසින් සොයාගෙන තිබේ

ලද තොරතුරක් අනුව සිදු කළ සෝදිසි මෙහෙයුමක දී මෙම සත්ත්වයාගේ මළසිරුර කරඳකවැව වැව් බැම්ම මතදි වනජීවි අංශ විසින් සොයා ගෙන තිබේ.

ගසකට හේත්තු වී දණ ගසාගෙන මියගොස් සිටියදි මෙම වන අලියාගේ සිරුර හමුව තිබේ.

මියගිය වන අලියා වයස අවුරුදු 30ක් පමණ වන අඩි 8ක් පමණ හොඳින් වැඩුණු සත්ත්වයෙකු බවත් මෙම සත්ත්වයා මියගියේ ස්වභාවිකව ද නැත්නම් මෙය ඝාතනයක් ද යන්න සොයා මේ වනවිට වනජීවි අංශ විසින් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.

Leave a Reply