දඩල්ල වෙඩි තැබිමේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ගාල්ල දඩල්ල ප්‍රදේශ පැවැති DJ සංගීත ප්‍රසංගයක් අතරතුර වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර, තවත් පුද්ගලයකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු ගාල්ල පියදිගම ප්‍රදේශයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධාන්මක අපරාධ කොට්ඨාසය විසින් අද (22) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව පිස්තෝලයක් හා එම උණ්ඩ 03 ක් තිබු බව පොලිසිය පවසයි.

ඉකුත් අප්‍රේල් මස 15 දින දඩල්ලේ පැවැති  සංගීතය අතරතුර සිදු වු වෙඩි තැබීමතින් 36 හැවිරිදි පුද්ගලයකු මියගොස්, තවත් 18 හැවිරිදි තරුණයකු තුවාල ලැබීය.

Leave a Reply