දඩල්ල මුහුදේ නාන්න ගිය විදෙස් කතගේ බෑගය උස්සලා

දඩල්ල වෙරළ තීරයේ දිය නෑමට ගිය රුසියානු ජාතික විදේශිය කාන්තාවකට අයත් රුපියල් හය ලක්ෂයක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් සහ රුපියල් 3000 මුදලක් සහිත බෑගයක් ඊයේ (31) පෙරවරුවේ කිසියම් අයෙකු විසින් සොරකම් කරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

දඩල්ල ප්‍රදේශයේ මෙම විදේශීය කාන්තාව නවාතැන් ගෙන සිටින හෝටලය පිටුපස මුහුදට සිය දියණිය සමඟ ගොස් ඇති අතර වෙරළ එම බෑගය තබා දියනා පැමිණ බලන විට බෑගය එම ස්ථානයේ තිබී නොමැත.

පසුව ඇය මේ බව අද (01) ගාල්ල පොලිසියට පැමිණිලි කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය හා කොටුව සංචාරක පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි

Leave a Reply