දකුණේ පාතාලය මඩින්නට පිහිටවු ගාල්ල අපරාධ කොට්ඨාශය අම්බලන්ගොඩට

දකුණු පළාතේ මාතර සහ ගාල්ල පිහිටුවා ඇති නව පොලිස් විශේෂ අපරාධ මර්ධන කොට්ඨාසයේ ගාල්ල අපරාධ කොට්ඨාශය අම්බලන්ගොඩදී ප්‍රදේශයේ ලඟදිම විවෘත කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

දකුණු පළාතේ අපරාධ වර්ධනය පිළිබඳව අවධානය යොමු කර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මෙම නව පොලිස් විශේෂ අපරාධ මර්ධන කොට්ඨාස දෙකක් පිහිටුවා ඇති බවද පොලිසිය පවසයි.

ඒ යටතේ පිහිටවු මාතර අපරාධ කොට්ඨාසය දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් මිරිස්ස ප්‍රදේශයේදී අද (14)  විවෘත කළ බවද පොලිසිය පවසයි. මෙම ඒකකය විශේෂ අවි පුහුණුව ලැබූ නිලධාරීන් 30 දෙනෙකුගෙන් සමන්විත බවද පොලිසිය පවසයි.

නව විශේෂ අපරාධ මර්ධන කොට්ඨාස දෙක ගාල්ල අපරාධ කොට්ඨාසය සහ මාතර අපරාධ කොට්ඨාසය ලෙස ක්‍රියාත්මක වන බවත් මාතර කොට්ඨාශයෙන් මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ද, ගාල්ල අපරාධ කොට්ඨාසයෙන් ගාල්ල දිස්ත්‍රික්කය ද, විශේෂ ගණයේ අපරාධ ක්‍රියාමැඩලීමට ක්‍රියාත්මක වන බවත් පොලිසිය පවසයි.

Leave a Reply