දකුණු මුහුදේ ඇල්ලු හෙරොයින් තොගය ගාල්ලට

විශාල මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලංකාවේ දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ පුද්ගලයින් 06 දෙනා අද (17) පෙරවරුවේ ගාල්ල වරායට රැගෙන ආ බව නාවික හමුදාව පවසයි.

එම යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 175ක් සොයාගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් බිලියන 3.5ක් බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා පැවසීය.

පොලීසිය සහ බුද්ධි අංශ එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය ගාලූ වරායට රැගෙන ආ අවස්ථාවේ එය නිරීක්ෂණයට පැමිණි නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත ලියනගේ මහතා ද සහභාගි වී සිටියේය.

Leave a Reply