දකුණු පළාතේ මත්ස්‍ය අපද්‍රව්‍ය වලින් සත්ව ආහාර නිෂ්පාදනයට පියවර

ඉවතලන මත්ස්‍ය අපද්‍රව්‍ය කොටස් වලින් සාන්ද්‍ර ආහාර නිෂ්පාදනය කිරිමට පියවර ගෙන ඇතැයි දකුණු පලාත් සත්ව හා කෘෂි කර්මාන්ත කමිටුව පවසයි.

ධිවර සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල අනුකමිටුවේදි මෙම තිරණය ගෙන තිබේ.

විශේෂයෙන්ම මේ දිනවල කුකුල් කෑම හිඟයක් පවතින බැවින් සත්ව ආහාර පිටරටින් ගෙනෙන නිසා එයට පිළියමක් ලෙස මත්සයින්ගෙන් බැහැර කරනු ලබන වරල්, කටු, කරමල සහ මාලු ලේ ආදිය භාවිතා කර මෙම සත්ව ආහාර නිෂ්පාදනයට තිරණය කර තිබේ.

ධිවර වරාය නිතිගත සංස්ථාවෙන්ද අම්බලන්ගොඩ, දොඩන්දුව, හික්කඩුව, ගාල්ල යන ධිවර වරායවලින්ද, වාණිජ මට්ටමේ මත්ස්‍ය අලෙවි වෙළඳසල්වලින්ද මත්ස්‍ය අපද්‍රව්‍ය කොටස් ලබාගෙන ඒවා ශිතකරණයක ගබඩා කොට මෙම සත්ව ආහාර නිෂ්පාදනය කිරිම සඳහ‍ා යොදා ගැනිමට සැළසුම් කර තිබේ

මෙම වැඩ සටහන දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාරතමේන්තුව, දිස්ත්‍රික් ධිවර අධ්‍යක්ෂ කාරයාලය, ධිවර වරාය නිතිගත සංස්ථාව යන ආයතන සමග ඒකාබද්ධව පශු වෛද්‍යවරුන්ගේද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේද අධිකෂණය යටතේ සිදු කරනු ලබන අතර තාක්ෂණික සහාය ලබා දෙන්නේ ශ්‍රි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයයි. 

මෙයට අමතරව හියාරේ ජලාශයේ සහ ඉමදුව දීගොඩ වැවේ මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන පිහිටුවිමටත් සැළසුම් කර තිබෙනවා

Leave a Reply