දකුණු ආසියාවේ පැරණිතම දියබත් නෞකාව සංරක්ෂණයට ඇමරිකානු ආධාර

ගොඩවායේ දියබත් නෞකාව සහ එහි කෞතුක වස්තු ලේඛනගත කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා ඇමරිකානු තානාපති කාර්යාලයේ සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ ඇමෙරිකා තානාපති අරමුදලෙන් ඩොලර් 82,900 ක මුදල් ප්‍රදානයක් ලබා දෙන බව මෙරට ඇමරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය අද (13) ගාල්ලේ දී පැවසීය.

ජුලි චන්ග් මහත්මිය ඒ බව පැවසුවේ ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයෙදී ඊයේ (13) පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

ඉන්දු ශාන්තිකර කලාපයේ සංචාරකයන්ට සහ වෙළඳුන්ට මුල් කාලයේ පටන් කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාව නිරූපණය කළ වැදගත් භූමිකාව ලේඛනගත කිරීම හරහා ශ්‍රී ලංකාවේ උත්කර්ෂවත් සංස්කෘතික උරුමය සංරක්ෂණය කරන්නට සහ ප්‍රවර්ධනය කරන්නට උපකාර ලබාදෙන්නට එක්සත් ජනපදය බලාපොරොත්තු වන බව මෙහිදී තානාපතිවරිය පැවසීය.

ශ්‍රී ලාංකික කිමිදුම්කරුවන් දෙදෙනකු විසින් මුලින් ගොඩවායදි සොයා ගන්නා ලද මෙම නෞකාව ආසියා ශාන්තිකර කලාපය දැනට හඳුනාගෙන ඇති පැරණිතම දියබත් නැව වන අතර ලොව සොයාගත් පැරණිතම ගිලී ගිය යාත්‍රා වලින් එකකි. හම්බන්තොට වරාය ආසන්නයේ පිහිටා ඇති එයට විඛාදනයට ලක්වූ ලක් වූ ලෝහ පොලු රැසක් සහ විදුලි කුට්ටි සහ මැටි භාණ්ඩ ඇතුළු අනෙකුත් විසිරී ගිය පැරණි භාණ්ඩ ඇතුළත්ය.

මෙම ප්‍රදානය හරහා සැපයන අරමුදල් යොදා ගෙන අදාල ලේඛනගත කිරීම සහ සංරක්ෂණය කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය විසින් සිදුකිරීමට නියමිතය.

ව්‍යාපෘති අවසන් වූ පසු කෞතුක භාණ්ඩ ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට ද නියමිත බවද තානාපතිනීය පැවසීය.

මේ පිළිබඳව නිවේදනය කිරීම සඳහා සදහා එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මහත්මිය සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ, ජේෂ්ඨ පුරාවිද්‍යා නිලධාරී රසික මුතුකුමාරණ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ ගාල්ල කොටුව සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයෙදී උත්සවය පැවත්වින

Leave a Reply