දක්ෂිණ අධිවේගයේ අනතුරකින් වෛද්‍යවරයෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (01) දහවල් කිලෝමීටර් 8.7 වීදියගොඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ වෛද්‍යවරයෙකු ප්‍රතිකාර සඳහා බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

මාතර දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ පිටුපස වෛද්‍යවරයා පැදවූ මෝටර් රථය ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

කරාපිටිය රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට ස්ථාන මාරුවක් ලැබ සේවයට වාර්තා කිරීම සඳහා යමින් සිටියදී වෛද්‍යවරයා මෙම අනතුරට ලක්වී ඇතැයි පොලීසිය පවසයි.

අදාළ අනතුරින මෝටර් රථය දැඩි අලාභහානී සිදුවී ඇත.

මෝටර් රථය පැදවූ වෛද්‍යවරයාට නින්ද යාම හේතුවෙන් එම අනතුර වන්නට ඇතැයි පොලීසිය සැක කරයි

Leave a Reply