තොටිල්ලේ සාරිපොට දරුවා අවසන් ගමන් යවයි

හපුතලේ, පිටරත්මලේවත්ත නිවසක් තුළදී දරුවෙකු ගෙල සිරවීමෙන් මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 12 හැවිරිදි දරුවෙකි.

සිය බාල නැගණිය නිදිකරවීම සඳහා සාරියක් බාල්කයේ එල්ලා සකස් කර තිබූ තොටිල්ලේ මෙලෙස ගෙල සිරවීමෙන් එම දරුවා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්යෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදී ගෙල සිරවීමෙන් දරුවා මියාගොස් ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් තහවුරු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply