තේ දල්ලෙන් ඖෂධිය ළදරු සබන් හදයි

ඖෂධීය ගුණයෙන් ඉහළ තේ ශාකය ආශ්‍රයෙන් ළදරු සබන් නිෂ්පාදනය කිරීමට තලවකැලේ තේ පර්යේෂණ ආයතනය සමත්ව තිබේ.

නැවුම් තේ දලු වල සාරය යොදා ගනිමින් මෙම සබන් වර්ගය නිෂ්පාදනය කර ඇත. ඊට නැවුම් සුවඳක් එක් කිරීම සඳහා කළු තේ සුවඳ සහ විෂබීජ නාශකයක් ලෙස භාවිත කරන මෙතිල් සැලිසිලේට් භාවිත කර තිබේ. 

ස්වාභාවික අමුද්‍රව්‍යවලට මුල්තැන දෙමින් මෙම සබන් නිෂ්පාදනය කර ඇති බැවින් එය භාවිතයෙන් ළඳරු සමට කිසිදු හානියක් නොවන බව තේ පර්යේෂණ ආයතනය පෙන්වා දෙයි.

මේ වනවිටත් මෙම නිෂ්පාදනය පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමට යොමුකර තිබේ. එම සහතිකය ලබා ගැනීමෙන් අනතුරුව මෙය වාණිජ මට්ටමින් නිෂ්පාදනය කිරීමට හැකියාව පවතින ඕනෑම පුද්ගලයකුට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ලබාදීමට තේ පර්යේෂණ ආයතනය සූදානම්ය

Leave a Reply