තුවක්කුව බදින්න ගියේ සතුන්ට වෙඩිල්ල වැදුණේ තමන්ට

බදින තුවක්කුවක් පත්තුවිමෙන් උඩුගම නාකියදෙණිය ප්‍රදේශයේ පුද්ගලයකු ඊයේ (26) රාත්‍රි බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව උඩුගම පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ උඩුගම අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

සතුන් දඩයම් කිරිම සදහා මෙම බදින තුවක්කුවට වෙඩි බෙහෙත් දමා කොටමින් සිටියදි තුවක්කුව පත්තුවිමෙන් මෙම පුද්ගලයාගේ වම අතට තුවාල වි ඇති බව පොලිසිය පවසයි. 

සිද්ධිය සම්බන්ධයෙන් උඩුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි

Leave a Reply