තිදෙනකුට මරු කැඳවමින් යාපනය ගමන වව්නියාවෙන් නිමාවෙයි

වව්නියාව A9 මාර්ගයේ නොච්චිමොටේ පාලම අසල දී යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පෙරළී යාමෙන් අද (05) අලුයම සිදුවු මාරක අනතුරකින් 03 දෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි..

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 23,32 පසුවන වැල්වැටිතුරෙයි හා නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සෙසු මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැති අතර, ඔහු වයස අවුරුදු 30-35ත් අතර පසුවන්නෙක් බවද පොලිසිය පවසයි.

රියදුරුට වේගය පාලනය කරගත නොහැකි වීම අනතුරට හේතුව බවත් අනතුරින් පිරිමි 08ක් සහ කාන්තාවන් 09 දෙනෙකු තුවාල ලබා තිබෙන බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය විමර්ශන සිදු කරනවා.

Leave a Reply