තායිලන්ත නෞකාවක් අනතුරකට පත්ව 33 දෙනෙකු අතුරුදහන්

තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් නෞකාවක් අනතුරට පත්වීමෙන් නාවික භටයෝ 33 දෙනෙක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අයහපත් කාලගුණය හේතුවෙන් HTMS සුඛොතායි නෞකාව අනතුරට පත්වෙද්දී නාවික භටයෝ නාවිකයන් 106 දෙනෙක් නෞකාවේ සිට ඇති බවත් අතුරුදන් වුණු පිරිස සොයා එරට නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබේ

තද සුළඟට සහ ධාරාණිපාත වර්ෂාවකට මැදිවුණු මීටර 76.8 ක් දිග මෙම නෞකාවේ යාන්ත්‍රික පද්ධතිය ද ජලය කාන්දු විමෙන් අඩපණ ව අනතුරට ලක්ව ඇත.

Leave a Reply