ත්‍රීරෝද රියේ රියදුරු මරා කැසට් යන්ත්‍රය හා බෆල් දෙක සොරාගත් සැකකරුවෙකු අත් අඩංගුවට

ගල්කිස්ස තෙලවල ප්‍රදේශයේ දී ප්‍රදේශයේ දී පුද්ගලයකු පැහැර ගෙන ගොස් ඝාතනය කර ත්‍රිරෝද රථයේ සවිකර තිබූ කැසට් රෙකෝඩරය සහ, බෆල් දෙක සොරාගත් සැකකරුවෙකු ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් තෙලවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරු තෙලවල ප්‍රදේශයේ පදිංචි (39) හැවිරිදි පුද්ගලයෙකි.

මොහු මෙම කොල්ලකෑම සිදුකිරීම සඳහා ඉකුත් (16) දින මෙම තීරෝද රථ රියදුරු පැහැරගෙන ගොස් ඝාතනය කර තිබූ බවද පොලිසිය පවසයි.

Leave a Reply