ත්‍රීරෝද රථයේ දමා ගිය මල් කැකුළිය

තලවකැලේ, හින්දු කෝවිල අසල ගාල් කර තිබු ත්‍රිරෝද රථයක් තුළ බිලිඳියක් අතහැර දමා ගොස් තිබිය දී සොයා ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

පසුව දින 12 – 14ක පමණ වයසැති එම බිලිඳිය ව ලිදුල ප්‍රාදේශීය රෝහල වෙත භාරදී තිබේ.

ත්‍රිරෝද රථය දිනපතා කෝවිල අසල ගාල් කර තැබෙන බවත්, නගරයේ පිරිසිදු කිරීමට පැමිණි තලවකැලේ ලිදුල නගර සභාවේ සේවකයින් විසින් ත්‍රිරෝද රථය තුළ කුඩා දරුවෙකු හඬන ශබ්දය ඇසි ඒ පිළිබඳව සොයා බැලිමේදී ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ බිලිදියක් සිටින බවට දැක පොලීසිය දැනුවත් කර ඇත.

බිලිඳිය ත්‍රිරෝද රථය තුළ දමා ගිය අය පිළිබඳ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ තලවකැලේ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බිලිඳිය වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.

Leave a Reply