ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරලී දෙදෙනෙකු මරුට

අරණායක පොලිස් වසමේ මාර්ගයේ ගමන් කරමින් තිබු ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් කළ දෙදෙනකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි අරණායක පොලිසිය පවසයි.

දෙබත්ගම – දිප්පිටිය මාර්ගයේ දෙබත්ගමදි මෙම ත‍්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන ප‍්‍රපාතයකට පෙරලි තිබේ. අනතුරින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබේ

ත්‍රීරෝද රථය අනතුරට ලක්වන අවස්ථාවේ එහි රියදුරු ඇතුළු සිවුදෙනකු ගමන්කර ඇති බවද පොලිසිය පවසයි. අනතුර සම්බන්ධයෙන් අරණායක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply