ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

කොලොන්න, දෙනියාය රක්වාන මාර්ගයේ ජම්බුගස්වැටිය ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් අඩි 700ක පමණ ප්‍රපාතයකට පෙරළී යෑමෙන් අද (17) සවස අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගතකර කර ඇති බව පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ වයස අවුරුදු 62ක පුද්ගලයෙක් සහ වයස අවුරුදු 61ක කාන්තාවක් එම ස්ථානයේදීම මිය ගොස් තිබෙන බව පොලිසිය පවසයි.

එම කාන්තාවගේ වයස අවුරුදු 62ක් වන ස්වාමි පුරුෂයා සහ වයස අවුරුදු 24 ක් වන ත්‍රීරෝද රථයේ රියදුරා බරපතළ තුවාල සහිතව කොලොන්න රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලීසිය සැක කරන්නේ දැඩි බෑවුම් සහ වංගු සහිත මෙම මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම නිසා අනතුර සිදුවන්නට ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply